Monday, 13 December 2010

මේනම් කිනම් ආශ්චර්ය‍යක්ද......??






මේ අප දකින්නේ එකම කාලයේ රටේ දෙතැනක ඇති විෂමතාවයයි. එක තැනෙක කුමරුන්ට පිහිනුම් තටාක හදන විට තව තැනෙක දැයේ දුවා දරුවන් පොල් අතු සෙවිලි කල මඩුවක පැදුරක් වාඩි වී අකුරු කරති. සමාජ අසධාරණය, විෂමතාවයන් යනු මෙයම නොවේද??

පුදුමයනම් අද ඇත්තේ අඩම්බරකාර තාත්තෙකුගේ ආණ්ඩුවක් වීමය.

අද අප රට ආසියවේ ආශ්චර්ය‍යක් කරන කතාද රූපවාහිනී මගින් දිනපතා විකාශය කරන ගිනිකන වැටෙන්නා වූ කෘතීමව විශාලනය කරන ලද සංවර්ධනයද දකිනා සාමාන්‍ය ජනතවට පෙනී යන්නේ සැබැවින්ම අප රට ආශ්චර්යයක් දක්වා ගමන් කරන බවකි. එහෙත් මෙගා ඇමති හාල් පාරුවන් බුරුත්තක්ද, ජ්‍යේෂට යැයි හඳුන්වාගත් වයෝවෘද්ධ අවුරුදු 30ක් 40ක් පින් බත් කෙලිමින් පාර්ලිමේන්තුවේ පුටු රත් කරන ලද නිකමුන්ද රොත්තක්ද නලු නිලියන්ද නිකම්ම නිකමුන්ද කරපින්නාගත් ලෝකයේ ලොකුම හොර තක්කඩින් රැළක් නඩත්තු කිරීමේ බරනම් ජනතාව මත පැතවී ඇති වගනම් ඕනෑම කෙනෙකුට පෙනී යයි.




http://www.lankadeepa.lk/2010/12/13/front_news/01.htm
http://www.colombopage.com/archive_10/Jan1263740884CH.html

Sunday, 28 November 2010

ආර්ථික මධ්‍යස්ථාන, එළවළු ගොවියන්, අතරමැදි බූවල්ලන් සහ ආණ්ඩුවල (පං) ගොයියන්................

"දඹුල්ල" එදා සිටම රටේ ප්‍රසිද්ධව ඇත්තේ ලෝක ප්‍රකට ලෙන් විහාරය නිසාය. ඉතිහාසයේ අනභිභවනීය ස්‌ථානයක්‌ දඹුල්ලට හිමිවන්නේද රංගිරි දඹුලු ගලත් එහි විහාරයත් හේතුවෙනි. අපේ ජනවහරේ කියෑවෙන දඹුලු ගොසින් තලගොයින් මරාගෙන එන කියමන කවදා කෙසේ නිර්මාණය වූයේද නොදන්නා නමුත් එය අදටත් දනන් මුවඟ රැව්දෙන උපහැරණයකි.

මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් දඹුල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතීතයේ සිටම ජීවනෝපාය සරිකොට ගත්තේ ගොඩ මඩ ගොවිතැන්ය. ප්‍රදේශය පුරා බැඳ දහසකුත් එකක්‌ වැව් අමුණු අප රංගිරි දඹුලු ගල පාමුලෙහි අනන්තය තෙක්‌ පැතිර ගිය කුඹුරු යායවල් අදටත් මේ වෙනුවෙන් සාක්‍ෂි කරුවන් වේ. මෑත වකවානුවේ දඹුලු පුරවරය ප්‍රසිද්ධියට පත් වූයේ දඹුල්ලේ ලොකු ලූණු නිසාය. ඒ ලොකු ලූණු නොඑසේ නම් බොම්බයි ලූණු වගාවට දඹුල්ලේ ජනතාව හුරුවූ නිසාය. ක්‍රමවත් ලෙස නොවුණත් එදා සිටම මධ්‍යම පළාතේ ප්‍රධානතම එළවළු තොග වෙළෙඳපොළ වූයේද දඹුල්ලයි. රජය විසින් විධිමත් මුහුණුවරක්‌ දෙමින් විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන නමින් තොග වෙළෙඳපොළ ක්‍රමවත් කෙරෙද්දී එය දඹුල්ලෙන් ආරම්භ කළේ මේ නිසාම වන්නට ඇත. වර්තමානයේ ගොවියන් අතරමැදියන් වෙළෙන්දන් එකිනෙකා මුණ ගැසෙන රටේ ප්‍රධානතම වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ බවට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය පත්ව ඇත.

රට පුරා එකම ජාලයකට විසිර යන ලෙස සැකසුන ප්‍රවාහන පද්ධතියක්‌ද, දඹුල්ල හරහා නිර්මාණය වී ඇත්තේද මෙම වෙළෙඳ ගනුදෙනු හේතුවෙනි. මේ සමඟ අද දඹුල්ල නගරයද සීග්‍රයෙන් දියුණුවට පත්ව ඇත. රංගිරි දඹුල්ල රජමහ විහාරයෙන් දඹුල්ල ලොව පුරා ප්‍රසිද්ධියට පත්වන විට ආර්ථික මධ්‍යස්‌ථානය හරහා රටපුරා ප්‍රසිද්ධ වීම අතිශයෝක්‌තියක්‌ නොවේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන ව්‍යqහයද දඹුල්ලේ ක්‍රියාත්මක වන්නේ රටපුරා සාමාන්‍යයෙන් සිදුකෙරෙන පිළිවෙතින් මදක්‌ බැහැරවය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු පවා රාත්‍රි කාලයේදීත් විවෘතව තැබෙන්නේ ආර්ථික මධ්‍යස්‌ථානය හරහා සිදුකෙරෙන ගනුදෙනු සඳහා අත්වැලක්‌ වීමටය. මේ දඹුල්ල නගරයේ සෙනඟ ගැවසෙන්නේ දහවලට වඩා රාත්‍රි කාලයටය. දිවයිනේ සතර දිග් භාගයේ සිට දවසේ පැය 24 පුරාවට දඹුල්ලට පොදු ප්‍රවාහන පහසුකම් ඇත. දිවා රාත්‍රියේ විවෘතව පවතින වෙළෙඳසල්ද දඹුල්ලේ බොහෝය. මේ නිසාම දඹුල්ල "නොනිදන නගරය" ලෙසින් විරුදාවලි ලබා ඇත.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයේ පාලනය භාරව සිටිනුයේ අධිකාරියකි. ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රමුඛ දෙළොස්‌දෙනකු මෙය සාමාජිකයෝ වෙති. මොවුන් පත් කරනු ලබන්නේ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශයෙනි. මෙය සෘජුවම රාජ්‍ය මැදිහත් වීමක්‌ බව බැලූ බැල්මට පැහැදිලි කරුණක්‌ නමුත් වෙළෙඳ මධ්‍යස්‌ථානයේ සියලුම දෛනික කටයුතු තීරණය කරනු ලබන්නේ මෙහි වෙළෙඳ ඒකාධිභාරයක්‌ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයන් විසිනි. නගරයෙන් ඈත එපිට ගම්මානවල අව්වට වැස්‌සට කරවෙමින් තෙමෙමින් වල් අලින්ගෙන් එල්ලවන තාඩන පීඩන ඉවසා දරා සිය ලේ කඳුළු දහදියෙන් මහ පොළොව හා සටන්වැද ලබාගන්නා අස්‌වනු පොදි බැඳගෙන කපා එළිය වැටෙන හෝරාවේ පටන්ගෙන ඒවා දඹුල්ලට රැගෙන එන ගොවියාගේ මහන්සියට මිල නියම කරන්නේ ඔහු නොව වෙළෙඳ මධ්‍යස්‌ථානයේ අතරමැදියන්ය වෙළෙන්දන්ය.

ගොවියාට සිදුවනුයේ ලැබෙන මුදලක්‌ අතට ගෙන පස්‌සා පැත්තේ අතපය පිසදාගෙන ආපසු හැරෙන්නටය. වැඩි මිලක්‌ ඉල්ලුවහොත් ගෙනා අස්‌වැන්න ආර්ථික මධ්‍යස්‌ථානය පිටුපස කාණුවට ගලා යැමට ද හැකිය. දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට පැමිණෙන ගොවීන් තෝරාගත යුත්තේ මෙම ක්‍රමවේදයන් දෙකෙන් එකකි. මුදලාලිලාට හෝ අතරමැදියනට එරෙහි වුවහොත් කණ පලාගන්නට හෝ නහයෙන් කටින් ලේ හැලෙන තුරු පහර කා රෝහල් ගත වීමට සිදුවෙනවාට වඩා ලැබෙන සොච්චම අතට ගෙන හැම දෙනාටම සාප කරමින් ගමට යැම කොයි අතිනුත් හොඳය. දඹුල්ලේ එළවළු භීතිකාව සිදුවන්නේ අද ඊයෙක සිට නොවේ. ගොවියාගෙන් රු 4 ට ගන්නා කැකිරි කිලෝව ඔහු බලා සිටියදීම රු.30 ට කිරන්නේ ගිය සතියේ පටන් නොවේ. විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය ඇරඹෙන්නටත් පළමුව සිටය. මෙය පටන් ගැනීමේ ප්‍රධාන අරමුණ වූයේද අතරමැදියන්ගෙන් තොරව ගොවියාට සාධාරණ මිලක්‌ ලබා දෙන්නට බව රජයේ පාර්ශ්වයෙන් කරුණු දැක්‌වුණු නමුත් සිදුවී ඇත්තේ ගොවීන් කබලෙන් ලිපට වැටීම පමණි. අසරණයන්ගේ ලෙයින් දහදියෙන් කඳුළෙන් සුරසැප විඳින්නේ අහක හිඳින පිරිසකි. ඉකුත් කාලයේදී මුළු රටටම සාපයක්‌ව පැවැති යුද්ධයේ මූලික පාර්ශ්වකරුවන් වූ කොටි සංවිධානය සමඟද ආර්ථික මධ්‍යස්‌ථානයේ ඇතැම් පුද්ගලයන්ගේ සම්බන්ධතා පැවැති බවත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට අයත් වෙළෙඳ සල් මේ තුල පවත්වාගෙන ගිය අතර 18 දෙනකුට මරු කැඳවූ දඹුල්ල බස්‌ බෝම්බය සිද්ධියට පමණක්‌ නොව දිගම්පහ කාල බෝම්බ ෙ€දවාචකයටද මොවුන් සෘජුවම සම්බන්ධ බවට හෙළිදරව් කරන ලද්දේ ජන මාධ්‍ය විසිනි.

ඒ කාලයේ දී ආර්ථික මධ්‍යස්‌ථානයේ පාලන හා වෙළෙඳ ඒකාධිකාරය එම ප්‍රවෘත්ති පළවූ පුවත්පත් මිටි පිටින් ගෙන පුළුස්‌සා දමා මහා ඝෝෂාවක්‌ කොට ඇතැම් පුවත්පත් වෙළෙඳ මධ්‍යස්‌ථානය තුළට මිලට ගැනීමට තහනම් පැනවූවා විනා වැරැද්ද සොයාබලා පිළියම් යෙදුවේ නැත. එපමණක්‌ නොව මැර බලයද පාතාලයද අවිනීතියද මේ බිම තුළ අදද නිදැල්ලේ ක්‍රියාත්මක වේ. වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පළතුරු තොග අලෙවි සලක්‌ තුළ මත් කුඩු තිබී හසුවූයේ මේ ඊයේ පෙරේදාය. මහනුවර ගලහ ප්‍රදේශයේ එළවළු ගොවියෙකුට නහයෙන් කටින් ලේ පෙරෙන්නට වෙළෙඳ මධ්‍යස්‌ථානයේ මැර මුදලාලියකු පහර දී වැඩි දවසක්‌ නැත.

මෙහි රජ කරන කැළෑ නීතය කරළියට පැමිණි ආසන්නම අවස්‌ථාව ඉකුත් සතියේය. ආර්ථික මධ්‍යස්‌ථානය තුළ වෙළෙඳ සල් හිමියකු එහි සේවය කරන "නාට්‌ටාමි" තරුණයන් දෙදෙනකුට පහර දී තිබිණි. එය නිකම්ම නිකම් පහර දීමක්‌ නොව දස වධ දී පහර දීමකි. මෙම සිද්ධිය ඇති වීමට දින කීපයකට පෙර අදාළ ව්‍යාපාරිකයාට අයත් බැංකු කාඩ්පත් කීපයක්‌ අස්‌ථානගතව ඇති අතර ව්‍යාපාරිකයාගේ සැකය යොමුව ඇත්තේ පහර කෑ නාට්‌ටාමි තරුණයන් වෙතටය. සැකය තහවුරු කොට ගැනීමට ඔහු ආර්ථික මධ්‍යස්‌ථානයේ මුදලාලිලාට (සෑම දෙනාම නොවේ නීතියට ගරු කරමින් ධාර්මිකව වෙළෙඳ කටයුතුවල යෙදෙන වෙළන්දා මෙහි නැත්තේ නොවේ) හුරුවූ ක්‍රමය අනුගමනය කිරීමයි. තමන්ගෙන් පෝෂණය වන මැර කණ්‌ඩායම් වල කීප දෙනෙකු කැඳවූ මේ ව්‍යාපාරිකයා ඔවුන්ට වාහනයක්‌ද සපයා දී අදාල නාට්‌ටාමිවරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන ලෙසට කරන ලද නියෝගය අනුව ක්‍රියාත්මක වූ මැරයෝ නාට්‌ටාමින් දෙදෙනා කුදලා ගෙන ගොස්‌ නිරුවත්කොට අත් පා ගැට ගසා දෙකකුල් වලින් ගස්‌වල එල්ලා මරණාසන්න වනතුරු පහර දී නැතිවූ බැංකු කාඩ්පත් පිළිබඳව විමසා ඇත. මේ කිසිවක අගමුල තේරුම් ගැනීමට නොහැකිව සිටි මේ දෙදෙනාගෙන් තොරතුරක්‌ ලබා ගත නොහැකිවූ තැන වාහනයේ ගැටගසාගෙන මහමග දිගේ ඇදගෙන ගොස්‌ ශරීරය හම ගිය පසු අතරමග දමා පලාගොස්‌ තිබිණි.

තරුණයන් දෙදෙනා මේ වන විටත් අසාධ්‍යව දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙහි හාස්‍යජනකම කරුණ වනුයේ මෙම සිද්ධියේදී දඹුල්ල පොලිසිය ක්‍රියාකළ ආකාරයයි. තරුණයන් දෙදෙනාට පහර දීම පිළිබඳව කරන ලද පැමිණිල්ල අනුව පොලිස්‌ නිලධාරීන් රෝහලට පැමිණ කට උත්තර ලබාගෙන ඇති නමුත් ඉන් ඉදිරියට කිසිවක්‌ සිදුවූයේ නැත. මෙම කෲර ක්‍රියාව පිළිබඳව විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් මෙයට සම්බන්ධ පුද්ගලයන් පවා හෙළිදරව් කළ නමුත් දඹුල්ල පොලිසිය මොවුන් හඳුනාගෙන තොතිබිණි. අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේද යන්න මාධ්‍යවේදීන් තොරතුරු විමසීමේදී පොලිසිය අනුගමනය කළේද ලිස්‌සා යන පිළිවෙතකි. එක්‌කෝ අදාළ නිලධාරීන් නොමැත තවත් අවස්‌ථාවක දන්නේ නැත. තවත් වරෙක ඔවුහු සඳහන් කළේ ජීප් එක යවලා තියෙන්නේ යනුවෙනි. එසේ යෑවූ ජීප් රථයට පොලිසියේ සිට ආර්ථික මධ්‍යස්‌ථානයට ගොස්‌ ආපසු පැමිණීමට දින හයක්‌ම ගතව තිබිණි. එතෙක්‌ අදාළ ව්‍යාපාරිකයාත් මැරයනුත් කිසිවක්‌ සිදු නොවූ පරිද්දෙන් සුපුරුදු ලෙස සිය කටයුතු වල නියෑලී සිටිනු දක්‌නට ලැබුණේ නීත ගරුක හැම දෙනාටම කොකා පෙන්වීමක්‌ ලෙසටය. අන්තිමේදී ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය අභියසට පමුණුවා රක්‍ෂිත බන්ධනාගර ගත කළ බවත් දැනගැනීමට හැකිවිය. ආර්ථික මධ්‍යස්‌ථානයේ කළමනාකරු ක්‍රිස්‌ටි විඡේරත්න මහතා සඳහන් කළේ මෙම ම්ලේච්ඡ ක්‍රියාව දැඩි සේ හෙළා දුටු අතර මේ සම්බන්ධව අමාත්‍යංශ මට්‌ටමින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගන්නා බවද පැවසුවේ අවංක හැඟීමකින් බවට හැඟෙන්නේ ඒ සම්බන්ධව මූලික පියවර ඉතා ඉක්‌මනින් ගත් නිසා වෙනි.

ආර්ථික මධ්‍යස්‌ථානය තුළ සිදුවෙන දහසකුත් එකක්‌ අකටයුතුකම් පිළිබඳව වරින්වර නොබියව හෙළිදරව් කරන මාධ්‍යයටද මාධ්‍යවේදීන්ටද තර්ජන ගර්ජන සැඟවී එල්ල කරන ප්‍රහාරද එන්න එන්නම වර්ධනය වෙමින් පැවතීමද භයානක තත්ත්වයකි. ජනතාවට සත්‍ය හෙළිදරව් කරන්නේ පිට කොන්දක්‌ සහිත මාධ්‍යවේදීන්ය. අරක්‌කු ටිකටත්, එළවළු මල්ලටත්, තේ කෝප්පයටත් වහවැටී ආර්ථික මධ්‍යස්‌ථානයේ සිදුකෙරෙන අකටයුතුකම් නොදකින නෙත් ඇතිව නෑසූ කන් ඇතිව සිටින මාධ්‍ය කරුවන්ද ප්‍රදේශය තුළ නැත්තේ නොවේ. සෑම දෙනෙකුම එසේ යෑයි ආර්ථිකයේ අයියලා සිතන්නේ නම් එය මුළාවකි. සති කීපයකට පෙර මෙහි සිදුවන සිදු කෙරෙන ජනතා විරෝධි, නීති විරෝධි ආසාධාරණ සිද්ධීන් කීපයක්‌ හෙළිදරව් කළේ යෑයි එක්‌තරා විද්යුත් මාධ්‍යයකටද පුවත්පතකට හා ඒවා නියෝජනය කරන ප්‍රදේශයේ මාධ්‍යවේදියකුටද එරෙහිව ආර්ථික මධ්‍යස්‌ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්‌ පැවැත්විණි. ආර්ථිකයේ මුදලාලිලා කියා සිටියේ උදේ වරුවේ එහි සියලුම වෙළෙඳසල් වසා දමා ව්‍යාපාර වලින් ඈත්වී සියලු දෙනා පිකටින් ව්‍යාපාරයට සහභාගි වූ බවය. ඇත්ත වශයෙන්ම සැලකිය යුතු පිරිසක්‌ ආර්ථික මධ්‍යස්‌ථානය ඉදිරිපිට මහපාර අද්දරට වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ. එහෙත් ව්‍යාපාරිකයන් වැඩි පිරිසක්‌ මෙයට සහභාගි වී නොසිටි අතර මත්පැන් බී ගත් ආර්ථිකයේ නාට්‌ටාමි කම්කරු පිරිස නම් උද්යෝණයෙන් කෑ ගසනු දක්‌නට ලැබිණි. උද්ඝෝෂණය අවසානයේදී පදම වැඩිවූ මෙම පිරිස ගුටිබැට හුවමාරුවක යෙදී සිටියදී 12 දෙනකු පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අතර මත්පැනට අත දිගහැර වියදම් කොට තිබුණේ පාලන අධිකාරියේ කීප දෙනකු හා ආර්ථිකයේ මුදලාලිලා පිරිසකි. මෙම සිද්ධියේදී මධ්‍යස්‌ථානයේ ඇතුළත වෙළෙඳසල් බොහොමයක වෙළෙඳුන් පවසා සිටියේ පාලන අධිකාරියේ බලපෑම මත තමන් වෙළෙඳසල් වසා දැමූ නමුත් බලාගෙන සිටියා හැරෙන්නට මාධ්‍යයට විශාල ප්‍රචාරයක්‌ ලැබෙන මෙවැනි උද්ඝෝෂණයකට සහභාගි නොවූ බවකි.

උද්ඝෝෂණයට දින කීපයකට පෙර අදාළ මාධ්‍යවේදියාගේ යතුරු පැදිය තුළට සීනි හා ඇමරිකුඩු දමා තිබිණි. මේ සියලු දේ බියසුළු ප්‍රහාර විනා කෙළින්ම එල්ල වූ ඒවා නොවේ. මේ සියලු දෙයින් ආර්ථිකයේ උත්සාහ කරනුයේ තම ආයතනය තුළ කෙරෙන සෑම අකටයුතුකමක්‌ම සාධාරණීකරණය කිරීමටය. මෙය තමන් නිරුවත් වී අනුන්ගේ හෙලුවට අත දිගු කිරීමකි.

අද ජනමාධ්‍ය ජනතාවට සමීපව සිටිති. නීතිය වල් වැදී යුක්‌තිය සාධාරණය ඉටුනොවන තැන ජනතාව තම අවනඩු මාධ්‍ය මගින් විසදා ගැනීමේ නැඹුරුවක්‌ පවතී. පොලිසිය හා වෙනත් රාජ්‍ය අංශවලට බොහෝ ඉදිරියෙන් ජනමාධ්‍ය සිටින බව ඉකුත් දිනෙක සීගිරි චිත්‍ර වලට සිදුවූ කලබෑනිය දැක බලා ගැනීමට පැමිණි අතිගරු ජනාධිපති තුමාද සඳහන් කළ කරුණකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ සිදුකෙරෙන අකටයුතුකම් ද මාධ්‍යයට පැවසීමට අසරණ වන ජනතාව නැඹුරුව සිටිති. මේවා රටට හෙළිදරව් වන විට ආර්ථික මධ්‍යස්‌ථානයේ කෙරුමන් කරනුයේ මාධ්‍යයේ කට වැසීමට මෝඩ උත්සාහ ගැනීමයි. එය කිසිදෙනෙක සිදු නොවන්නකි. පිකටිං කර භෞතික අලාභ හානි කොට මාධ්‍යකරුවාගේ පෑන නිහඩ කළ නොහැකි බව මේ කෙරුමන්ට අවබෝධ විය යුතුය. නොඑසේනම් අවබෝධ කළ යුතුව ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ හෙළුව ප්‍රසිද්ධියේ මෙසේ පෙනෙද්දී වෙළෙඳ හා පාරිභෝගික ඇමැතිවරයා කියන්නේ කුමක්‌ද ඔහුගේ අමාත්‍යංශ නිලධාරීන් මේවාට වැට නොබඳින්නේ ආර්ථිකයේ ක්‍රියාත්මක කෙරෙන කැළෑ නීතියට බියෙන්ද. නොඑසේනම් වැටත් නියරත් දෙකම ගොයම් කන නිසාද? දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ කටයුතු සිදු කෙරෙන්නේ මේ අයුරින් නම් එයට පොලිස්‌ මුර පළක්‌ අවශ්‍ය නැත. නැතහොත් තිබෙන මුරපළටද ආර්ථිකයේ මැරයන් කීප දෙනෙකු පත්කළ හැකිය. රටේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්‌ථානයේ ක්‍රියාත්මක වන මෙම මැර බලයත් කැලෑ නීතියත් මැඩ පැවැත්වීමට නොහැකි නම් වෙළෙඳ ඇමැතිවරයකු ගෙන් පහ සහ එම තනතුරෙන්ද ඵලක්‌ නොවේ.

(උපුටා ගැනීම - දිවයින)

Monday, 11 October 2010

පරම මිතුරන් සහ පරම හතුරන්


ජෙනරල් ෆොන්සේකා මහතා සිරගත කිරීම මෙම අවස්ථාවේ ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී, රට ජාතිය පවා දුන් කොළඹ කොටින්ට හොඳ වේදිකාවක් වී ඇති බැව් ඔබට මෙම රූප රාමු දැකීමෙන් මනාව වටහා ගත හැකි වනු ඇත. ජෙනරල් ෆොන්සේකා මහතා යුද්ධය ජයග්‍රහනය කරා මෙහෙයවන අවස්ථාවේද, යුධ වීරයෙකු වශයෙන් අභිෂේක ලැබූ මොහොතේද මෙම දෙස්පාලු අඳබාලයින් රටින්ද පැනගොස් විදෙස්වල සිට පිරබාහරන් නැමති අමන තකතීරු මිනීමරුවා බේර ගැනීමට වෙහෙසුනු අන්දම ඔබට මතක ඇතැයි සිතමි. පක්ෂ විපක්ෂ දෙකෙහිම අද පරම මිතුරන් ලෙසින් වැජඹෙන්නේ එදා පරම හතුරන් බව ජනතාවට මතක් කරමි.

Wednesday, 6 October 2010

සමෘද්ධි සහනාධාර, කිරි හරක් ,ටකරන් තහඩු සහ මී හරකුන්.......

සමෘද්ධි සහනධාර වැඩසටහන යටතේ ගව පාලනය සඳහා කිරිහරකකු ඉල්ලා සිටි සමෘද්ධිලාභියකුට හරකා වෙනුවට ටකරන් තහඩු ලබා දී ඇති බැව් කියවෙන පුවතක් ලංකාදීප පුවත්පත වර්තා කරයි. මෙහිදී අපට කරුණු දෙකක් සිහියට නැගේ.

1. පළමුවැන්න නම් හරකා දීමට පෙර හරකා ගාල් කර තැබීම සඳහා මඩුවක් සෑදීමට අවැසි බැව් සිතන තුන් කල් දක්නා නුවනක් ඇති සමෘද්ධි නිලධාරියා විසින් එකී මඩුව සැදීම සඳහා ටකරන් තහඩු ලබාදීමකි.

2. දෙවැන්න නම් මළ පොතේ අකුරක් නොදන්නා මී හරකෙකු විසින් කිරි හරකකු ඉල්ලූ සමෘද්ධිලාභියට ඒ වෙනුවට ටකරන් තහඩු ලබදීමකි.

මෙහි පලමු වැන්න සිදුවීම ඉතාම උගහටය. ඒ කිමෙක්ද යත් එවඇනි වූ සමෘද්ධි නිලධාරීන් හෝ නියාමකයින් සොයගැනීම කලුනික සෙවීමක් වැනි නිසාය' දෙවැන්න නම් සිදුවිය හැකිය' අප සමෘද්ධි ව්‍යාපරයේ අරම්භය දෙසට යන්නේ නම් එකල සමෘද්ධි නිලධාරීන් හෝ නියාමකයින් ලෙස පත් කරනු ලැබූ බහුතරයක් මලපොතේ අකුරක් නොදන්නා මී හරකුන්ය' සමන්‍යපෙළ පවා අසමත්ව ගමේ ගොඩේ කඩපිල්වල බෝක්කු උඩ රස්තියාදු ගැසූ හල්පාරුවන්" ප්‍රදේශයේ දේශ පාලු තක්කඩියාගේ හෙන්චයියන්" මෙන්ම එකල සාමය සමෘධිය චන්ද්‍රිකා යනුවෙන් මුද්‍රණය කරන ලද ටී ෂර්ට් හැඳ එක එකාට කඩේ යමින් පෝස්ටර ඇලවූ නිකමුන්ය'' මොවුන් කිසිදු අධ්‍යපන සුදුසුකමක් නොලද්දෝය'' සමාජ නියමුවකු වීමටනම් මනා සමාජ විද්‍යා දැනුමක් ලද්දෙකු විය යුතුය'' අඩුම තරමින් සාමජ විද්‍යා උපාධියක් තිබිය යුතුය'' ඔහු සමාජ සමෘද්ධිය කරා රැගෙන යන්නා වන බැවිනි' එසේ ගොඩින් පත්වීම් ලද නියාමකයින් සංගමයක් පවා පිහිටුවාගනිමින් සමාජයට කෙසේ වෙතත් තම පුද්ගලික සමෘද්ධිය ලඟා කරගනුවස් නිරන්තර වෙහෙසෙන්නෝය'
ශ්‍රීලංකව වනාහී ඕනෑම තක්කඩි රැළකට එකතු වී සන්ධානගතවී බලයට බලපෑම් කල හැකි ජනතාව අපහසුතාවයට පත් කරමින් තම පහත් අවශ්‍යතාවන් දිනාගතහැකි කුණු වූ රටකි' අනගතයේදී කසිප්පු පෙරන්නන්ගේ" හරක් මරන්නන්ගේ" කුඩු විකුණන්නන්ගේ" කුලියට මිනී මරන්නන්ගේ මෙන්ම මෙකී නොකී තක්කඩින්ගේ සංගම් ඇති වන බව පවසමින් මෙම සටහන අවසන් කරනු වටී'


Sunday, 29 August 2010

මැදපෙරදිග, සෞදි අරාබිය, අපේ ආරියවතීලා සහ අපේ (පා)ආණ්ඞු.......

මෙයට අවුරුදු 75 කට පෙර අතේ සතේ නැතිව ආත භූත වී දුගී ජීවිත ගත කරමින් සිටි මැදපෙරදිග ජනයා ලෝකයේ බලසම්පන්න සහ ධනවත් මිනිසුන් බවට පත් වීමට පටන් ගන්නේ ඛනිජ තෙල් උල්පත් තම භූමියෙන් මතු වීමත් සමග ය. ඒ වන විට බල ශක්‌තිය නිපදවීම සඳහා සුදුසු ඉන්ධන සොයමින් සිටි ඇමරිකාව හා යුරෝපයේ සමහර රටවල් මැදපෙරදිගට ගොස්‌ එහි නායකයන් රවටා එම භූමියේ ඇති තෙල් ළිං සියතට ගන්නේ ය.

එහෙත් දුගී ජීවිත ගත කළ මැදපෙරදිග ජනයාට තෙල් සල්ලි ලැබෙන්නට පටන් ගැනීමත් සමගම අතට පයට වැඩකාරයන් ඕනෑ කරයි. එය ''පොල්කුඞු කමින් සිටියවුන්ට කිරිබත් දුටුවිට ක්ළාන්තය සැදෙන්නා සේ'' යන කියමන සපථ කරන්නකි. ආසියාවේ දුගී දුප්පත් රටවල ජනයා මැදපෙරදිග ගෘහ සේවිකාවන් සහ ගෘහ සේවකයන් ලෙස යැමට පටන් ගන්නේ මෙම "අතට පයට වැඩකාරයන් උවමනා වීමෙන්" හටගත් ශ්‍රම වෙළඳපොල පිරවීමටය. සල්ලි දිය හැකි වුවත් මොළය දිය නොහැකි නිසා නූගත් මැදපෙරදිග ඇතැම් වැසියෝ මෙහිදී තිරිසනුන් ලෙස හැසිරෙන්නට පටන් ගනිති.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය සිංහල කාන්තාවකගේ සිරුරේ විසිහතර පොළකට ඇණ ගැසීමේ හද කකියවන පුවතක්‌ පිළිබඳව මේ දිනවල පුළුල් අවධානයක් යොමුව ඇත. ඇයගේ සිරුරේ ඇණ පෙන්වන X-RAY සටහනුත්, ඇණ ගලවන ආකාරයත්, ගැලවූ ඇණත් දැක්වෙන ඡායා රූප ජාත්යමන්තර මාධ්යනවල පවා පළවී ඇත. එසේ හෙයින් අපේ (පා)ආණ්ඞු කරවන උන්ගේ මෙන්ම වීදෙස්ගත ලාංකිකයින් දිවා රෑ නොබලා සුරක්ෂිත කරවමින් ඔවුනට සුර සැප ලඟා කරන්නට වෙර දරණා විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයේද, අමාත්යාං ශයේද ඇස් ඇරී ඇත. බොහෝවිට අපේ අහිංසක දුප්පත් කාන්තාවන් විදේශගත වන්නේ කිසිදු ලියාපදිංචියක් නැති වගකීමක් නැති හොර ඒජන්සි මගිනි. විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයේද අමාත්යාං ශයේද නිළධාරීන් සහ ඔවුන්ගේ අත වැසියන් මෙවැනි නීති විරෝධී රැකියා ඒජන්සි පවත්වාගෙන යනු ලබන බව නොදන්නේ බලධාරීන්ම පමනි. සේවා යෝජකයන් විසින් ගුවන් ටිකට්පත් ගාස්තූ පවා ගෙව්වද වංචනික නීති විරෝධී රැකියා ඒජන්සි පවත්වාගෙන යනු ලබන හොර තක්කඞින් එම මුදල් යටමඞි ගසා කාන්තාවන්ගේද මුදල් ගසාකති. කොරියන් රැකියා කෝටා තම හෙන්චයියන් ලවා විකුණමින් තරුණයින්ගේ මුදල් කෝටි ගණනින් කොල්ල කෑ
දූෂිත වයෝවෘද්ධ සූදු අඳින රැකී රක්ෂා කටයුතුපිළිබඳ ඇමතිවරුන් සිටි දේශයක මෙවැනි දෑ සිදුවීම පුදුමයක් නොවේ.

එසේම "සරත් මහත්තයා" විසින් ලිංගික අතවරයට ලක්වූ නිවසේ මෙහෙකාර තරුණියගේ පැමිණිල්ල සුළු පැමිණිලි අංශයේ සුළු අපරාධයක් ලෙසින් පොලිස් පොතේ ලියවෙනා වූද, ජාතියේ යුද වීරයා අනේකවිධ අභූත චෝදනා නගමින් දංගෙඩියටම දක්කන්නාවූද විෂම නීතියක් ක්‍රියාත්මක වන දේශයක වංචනික රැකියා ඒජන්සි පවත්වාගෙන යනු ලබන හොර තක්කඞින් නීතියේ රැහැනට ගැට ගැසිම උගහටය...
මේ මොහොතේ වුවද ආරියවතීලා දහස් ගණනක් සෞදියේ හෝ වෙනත් මැදපෙරදිග රටවල සුවිසල් මැදුරුතුල තිරිසන් අරාබිකාරයින්ගේ අනේකවිධ අමානුෂික වධහිංසා විඳිමින් අසරණව දුක වළඳනු නිසැකය... තවත් කොටසක් අහිංසක බලාපොරොත්තු පෙරදැරිව විදෙස්ගතවීමට ගුවන් තොටුපොලේ විය යුතුය... තවත් ආරියවතීලා සිය ගණනක් හොර රැකියා ඒජන්සි පෝලිම්වල තමන්ගේ වාරය එනතෙක් නොඉවසිල්ලෙන් බලාසිටිනු නිසැකය...
කෙසේ වුවද අපරටේ ජාතික ආදායමට වැඩි දායකත්වයක් දෙනු ලබන්නේ මෙකී ආරියවතීලාගෙන් සමන්විත සුවහසක් දිරිය කාන්තාවෝය, මවුවරුන්ය. ..ඇතැම්විට ආරියවතී මහත්මිය රෝහල්ගතවීමට පෙර පිටගැස්ම හැදී මියගියේනම් ඇණසීමේ සිද්ධිය උපන්ගෙයිම මියැදීමට ඉඩ තිබුනි. එහෙත් විටෙක ආරියවතීට නපුරු වූ දෛවය විටෙක කාරුණික වීමටතරම් ඇයගේ වසනාව තිබුනි.....
දැන් කලයුත්තේ මෙවැනි තිරිසනුන් සිටිනා රටවලට අපේ කාන්තාවන් යැවීම නතර කිරීමය.