Tuesday, 14 June 2011

ඇමති අඳ බාලයින් නොදත් ඇත්ත...

මෙතරම් තහවුරුව තිබියදීත් මුන් දොඩවන කටමැත...

ඇමති කියන පරිදි පර්යේෂණ සිදුකරන ලද්දේ මෙරට පිළිගත් ප්‍රමිති ආයතන විසින් උවද නවීන විද්‍යානුකූල තාක්‌ෂණය ඒ සඳහා උපරිම මට්‌ටමෙන් භාවිත කළා කීවද එකී පරීක්ෂණ සිදු කරන ලද්දේ ආණ්ඩුවේ දූෂිත ආයතනවල දූෂිතයින් විසින්නම් එකී පර්යේෂණවල විනිවිදභාවය සහ නිරවද්‍යතාවය පිළිබඳව කවරනම් කතාද???

උන් නොදත්තද ආසනික් කතාවේ සුල මුල රටට හෙළි කරන ලද්දේ ඇමති හාල්පාරුවන් මෙන් හතර පැත්තට නැවෙන දෙපැත්තෙහිම මූණු දෙකක් ඇති අවස්ථාවාදීන් ජනතාද්‍රෝහීන් රොත්තක් විසින් නොව මෙරට ජනතාව පිලිගත් උගතුන් විද්‍යාර්ථීන් පිරිසක් විසිනි. පාලකයින් නියම ජනතාවාදීන් නම් මේවා රටට හෙළිවිය යුතුව තිබුනේ බොහෝ කාලයකට පෙරය..
මෙය නිර්භීත රේගු නිළධාරීන් පිරිසක් විසින් මුලින්ම අනාවරණය කරගත්තක් මිස ආණ්ඩුවේ ආශ්චර්යයක් නොවන වග ජනතාව විසින් තේරුම් ගතයුතු සත්‍යය වන්නේය.

මෙරට නිෂ්පාදිත සහල්වල
ආසනික්‌ රසායනය අඩංගු නැහැ
කෘෂිකර්ම ඇමැති කියයි


Tuesday, 7 June 2011

කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්...


එක අතකින් සුපිරි ප්‍රජාතාන්ත්‍රවාදයක් රජ කරයි. අනික් පසින් සුළු වරදකදී පවා අත පය කැඩෙන තුරු පහර දෙමින් අවසන මරණීය දණ්ඩනය දීමට පවා ඕනෑම මොහොතක ක්ෂණිකව සූදානමකින් සිටින (ආණ්ඩු බලුගැති) පොලීසියකි. එපමණක්ද, නැත.. සමාජෝන්නතිය වෙනුවෙන් නිබඳ කැපවෙමින් ඔනෑම හදිසි අවස්ථාවක 2x2 පොලු සහිත මැර හමුදාවක් යෙදවීමට සූදානම් වූ දෙස්පාලුවන් සිටින රටක්..

එහෙව් රටකට කුමට ?
අධිකරණය, නීතිය සහ විනිසුරන්...