




මේ අප දකින්නේ එකම කාලයේ රටේ දෙතැනක ඇති විෂමතාවයයි. එක තැනෙක කුමරුන්ට පිහිනුම් තටාක හදන විට තව තැනෙක දැයේ දුවා දරුවන් පොල් අතු සෙවිලි කල මඩුවක පැදුරක් වාඩි වී අකුරු කරති. සමාජ අසධාරණය, විෂමතාවයන් යනු මෙයම නොවේද??
පුදුමයනම් අද ඇත්තේ අඩම්බරකාර තාත්තෙකුගේ ආණ්ඩුවක් වීමය.
අද අප රට ආසියවේ ආශ්චර්යයක් කරන කතාද රූපවාහිනී මගින් දිනපතා විකාශය කරන ගිනිකන වැටෙන්නා වූ කෘතීමව විශාලනය කරන ලද සංවර්ධනයද දකිනා සාමාන්‍ය ජනතවට පෙනී යන්නේ සැබැවින්ම අප රට ආශ්චර්යයක් දක්වා ගමන් කරන බවකි. එහෙත් මෙගා ඇමති හාල් පාරුවන් බුරුත්තක්ද, ජ්‍යේෂට යැයි හඳුන්වාගත් වයෝවෘද්ධ අවුරුදු 30ක් 40ක් පින් බත් කෙලිමින් පාර්ලිමේන්තුවේ පුටු රත් කරන ලද නිකමුන්ද රොත්තක්ද නලු නිලියන්ද නිකම්ම නිකමුන්ද කරපින්නාගත් ලෝකයේ ලොකුම හොර තක්කඩින් රැළක් නඩත්තු කිරීමේ බරනම් ජනතාව මත පැතවී ඇති වගනම් ඕනෑම කෙනෙකුට පෙනී යයි.
http://www.lankadeepa.lk/2010/12/13/front_news/01.htm
http://www.colombopage.com/archive_10/Jan1263740884CH.html